ලක්‍ෂ 30 ඉක්මවූ ග‍්‍රාහකයන් සහිත දෙරණ You tube නාලිකාව හැක්වෙයි

0
ටීවී දෙරණ නාලිකාවේ යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත.

එම නාලිකාව අයත් මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා මේ බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබේ.

ඒ අතරම නාලිකාව අත්පත් කරගන්නා ලද කණ්ඩායම ‘ක්‍රිප්ටෝ නිවුස්’ ලෙස එයි නම වෙනස් කර ඇති අතර මෙතෙක් ඊට එක්කර තිබූ වීඩියෝද ඉවත් කර ඇත.

මිට සති කිහිපයකට පෙර දෙරණ යුටියුබ් නාලිකාවේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 03 සීමාව ඉක්මවා ගියා. මෙරට රූපවාහිනි නාලිකාවකට අයත් යුටියුබ් නාලිකාවක් මිලියන 03 ක ග්‍රාහක සංඛ්‍යාව ඉක්මවා ගිය පළමු අවස්ථාව එය විය.