රටේ තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතුයි

0
Sahan Pradeep Statement of Sugar - රටේ තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම්, සීනි භාවිතය අඩු කළ යුතුයි

සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයන් සිදු කරන බොහෝ අය දියවැඩියාවට බෙහෙත් බොන අය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

“ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් අහුරකට වඩා බොනවා. බෙහෙත් අහුර බොන ගමන් තමයි සීනි ඕන කියලා වැඳලා කියන්නෙ”

තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතුයි

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් දකින ආකාරයට මෙරට තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතු බවයි.

කෙසේ නමුත් සීනි මිල වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.