අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු නායකයන්ට කොවිඩ් හැදුණේ බන්ධානාගාරයෙන්?

0
Student Union Leaders Positive for Covid - අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු නායකයන්ට කොවිඩ් හැදුණේ බන්ධානාගාරයෙන්?

බන්ධානාගාර ගත කර දින 20 කට පසුව සිසු නායකයන්ට කොවිඩ් වැළදීමෙන් ඔවුන්ට වරයිරසය බන්ධානාගාරයෙන් බෝවීම ඇතැයි තහවුරු වන බවත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුල්කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරුව තිබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.

බදුල්ල තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී පසුගිය 25 වැනිදා කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසු නායකයන් තිදෙනා කොවිඩ් අසාදිත බවට තහවුරු වී ඇති බව කී පුබුදු ජාගොඩ මහතා පැවසුවේ රජය නිරෝධනය මධ්‍යස්ථාන යැයි හදුන්වමින් ජීවිත පිළිබඳව කිසිඳු වගකීමකින් තොරව පුද්ගලයන් සිය ගණන් එකට රඳවා ඇති බවත්ය.

කොතලාවල පනතට එරෙහි විරෝධතාවලට නායකත්වය දීම හේතුවෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජික සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන්ට බවට පත්ව සිටිය ද මේ දක්වා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර නොමැති බවත් සිසු නායකයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇප නොලැබීම රජයේ සැලැස්මක් බවත් ජාගොඩ මහතා කීය.

නුගේගොඩදී අද (27) පැවැති මාධ්‍ය හමුවකදී චමීර කොස්වත්ත මහතා එසේ පැවසීය.