රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.
උදයංග වීරතුංගගෙන් පහරකෑ පුද්ගලයා රෝහලේ සිට කල ප්‍රකාශය
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පහරදීමෙන් තුවාල ලැබු අසල්වැසි පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පදිංචි උදයංගේ වීරතුංග මහතාගේ අසල්වැසි නිවසේ සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමති 66 හැවිරිදි පුද්ගලයෙකි.
උදයංග වීරතුංග මහතා විසින් පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ මායිම් බිත්තිය කැඩීම සම්බන්ධයෙන් සිදු වූ බහින්බස්වීමක දී ඊයේ (09 ) දිනේදී මෙම පහරදීම සිදුවී ඇත.
ප්ලාස්ටික් බටයකින් උදයංග වීරතුංග මහතා තුවාලකරුට පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුහුණට දැඩි තුවාල සිදුවී නාසය කැඩී ගොස් තිබේ.
උදයංග වීරතුංග මහතා පහරදෙන අයුරු නිවසේ සවිකර තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
ඒ අනුව උදයංග වීරතුංග මහතාව අද (10) දහවල් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාර ගතකරයි
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය අසල්වැසි නිවසක පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට ලද පැමිණිල්ලක් මත අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.