ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 4ක් මෙරටින් හඳුනාගනී

0
Delta New Variants in Sri Lanka - ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 4ක් මෙරටින් හඳුනාගනී
ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

අද(22) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය සඳහන් කළේ , මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.

මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බවය.

එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.