ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

0
ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දිනට අදාළවය.

ඒ අනුව ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.