ඇමති චන්න මොනවා කිව්වත් අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා

0
Doctor Dead without Covid Medicine - ඇමති චන්න මොනවා කිව්වත් අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා

අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට අවසන් උත්සහය වශයෙන් දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය පියාණන් කොවිඩ් රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ විශේෂඥ වෛද්‍ය සතිෂ් ජයසිංහ මහතාගේ පුත් රොහාන් ජයසිංහ මහතා පවසයි.

ඔහු නිකුත් කළ වීඩීයෝවක දැක්වෙන්නේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ ඖෂධය “හැම තැනම ගන්න තියෙන” බවට පාර්ලිමේන්තුවේදී පැවසුව ද, එම බෙහෙත රුපියල් ලක්ෂ 10ක් වැය කර හෝ ලබා ගැනීමට තමන්ට නොහැකි වූ හෙයින් සිය පියා මිය ගිය බවය.

අදාළ ඖෂධය රට තුළ තිබේ නම් එය ලබා ගත හැකි ආකාරය තමන්ට පවසන ලෙස චන්න ජයසුමන අමාත්‍යවරයාට ෆේස්බුක් ඔස්සේ ඉල්ලීමක් පවා කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

රොහාන් ජයසිංහ මහතා නිකුත් කළ වීඩියෝ පටය පහත දැක්වේ.

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)