නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එය සතොස මගින් නොමිලේ ලබාදෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, නිවසටම එම සහන මල්ල ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.