තන්තිරිමලේ ගොවීන්ට අලි කරදර

0
තන්තිරිමලේ ගොවීන්ට අලි කරදර

අනුරාධපුර තන්තිරිමලේ සඳමල්එළිය ප්‍රදේශයට ඊයේ (14) රාත්‍රියේ පැමිණ ඇති වනඅලි නිවාස 3කට දැඩි ලෙස හානි කර එහි තිබූ වී රැගෙන ගොස් තිබුණි.

ගම්වාසීන් පවසන්නේ වනඅලි දෙදෙනෙක් සහ ඇතෙකු නිතරම ගම්වදින බවය.

අලිවැටක් සකස් කර ඒ සඳහා නිලධාරීන් අනියුක්ත කර සිටියත් සවස කාලය වනවිට වනඅලි ගම්වදින බව ගම්වැසියන් පවසයි.

තන්තිරිමලේ වනජීවි කාර්යාලයට කෙතරම් දැනුම් දුන්නද නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බව පෙන්වා දෙන ගම්වාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ශක්තිමත් අලිවැටක් සකස් කර සිය ජීවිත ආරක්ෂා කරදෙන ලෙසය.