ජාතික ජන බලවේගය ව්‍රායි කැලී බල්තසාර් , සමගි ජන බලවේගය ඉරාන් වික්‍රමරත්න , එක්සත් ජාතික පක්ෂය රෝසි සේනානායක නගරාධිපති සටනට කැඳවයි

0
නගරාධිපති සටන

ජාතික ජන බලවේගය (ජාජබ) විසින් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නම් කරන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසිනි.

කොළඹ පැවති ජන හමුවක් අමතමින් සිල්වා මහතා මෙම අපේක්ෂක නම් කිරීම පිළිබඳව ප්‍රකාශ කළ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභාවන් සඳහා කාන්තා නියෝජනය සියයට විසිපහක් ලබා දීමට ජවිපෙ බලාපොරොත්තු වන බව ද එහිදී ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහා නගර සභාවේ පුරපති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා නම් කිරීමට සුදානම් බවට NewsWeb.lk වෙත වාර්තා වේ. සමගි ජනබලවේගයේ මොරටුව ආසන සන්විධායකවරයා ලෙස කටයුතු කල ඉරාන් මහතා වෙනුවට නව ආසන සන්විධායකවරයෙක් පසුගියදා පත්කර තිබුණි. ගියවර ම්Aතිවරණයට නගරාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වී සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර නගරාධිපති සටනට සහභාගී වීම ප්‍රතික්ෂේප කර Aති බවද සමගි ජන බලවේගයෙ අභ්්යන්තර තොරතුවරු වාර්ථා කරයි

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට එජාපයෙන් තරඟ කිරීමට සූදානමින් සිටී.

මැතියරණය සදහා නාමයෝජනා තවමත් අවසන් කර නොමැති වුවද තරඟ කිරීමට සැලසුම් කරන බව ඇය සදහන් කලාය.