එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් 7 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ

0
මහීෂ් තීක්ෂණ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 37 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 255ක් රැස්කර ගැනීමට සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ වු අතර තරගය පන්දුවාර 37කට සීමාකර තිබුණි.

නවසීලන්ත පිල වෙනුවෙන් රචීන් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කර ගත්තේ පන්දු 63කදීයි.

මාර්ක් චැප්මන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 62කි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

නවසීලන්ත ඉනිමේ 35 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී කඩුලු දෙකක් දවාගත් මහීෂ් තීක්ෂණ 37 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී තවත් කඩුල්ලක් දවාගනිමින් එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් 7 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වුණි.