ආචාර්‍ය ප්‍රශ්ණයෙන් පසුව ආණ්ඩුවේ හිස මත කඩාපාත් උන අනාචාර ප්‍රශ්ණය. සමාජ ජාලා වල මඩ ගහන්නේ වැරදි කෙනාට ?

0
අනාචාර ප්‍රශ්ණය

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞශල්‍යා ආරියරත්න මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එමගින් ඇය සඳහන් කරන්නේ තමන් සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය වන බවයි.

ඒ හරහා තමා කීර්ති නාමයට හානි කිරීමේ අදහස් අදහසක් ඇති බවද ඒ සම්බන්ධයෙන් සොයා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද ඇය ඉල්ලයි.

ඇය ඒ පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙසේය.

  • මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.
  • මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!
  • මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.

අදාල සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ අද්‍යක්ෂවරයාට යොමුකල සම්පූර්ණ ලිපිය පහලින්

කෞශල්‍යා ආරියරත්න

අනාචාර ප්‍රශ්ණ චෝදනාව ඇත්ත ඒත් අල්ලන් ඉන්නේ වැරදි කෙනාව – භාරත

අදාල අසම්මත ප්‍රේමය පිළිබඳව පක්ෂයට එල්ල වන චොඉදනාව සත්‍ය වුවත් එය ගැටලුවක් නොවන බවත් නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ පීඩාවට පත් කරන්නේ අහිංසක මන්ත්‍රීවරියක් බවත් ජාතික ජනබලවේගයට සමීප නිදහස් මාධ්‍යවේදී භාරත ප්‍රභාශාන්ත තෙන්නකෝන් මහතා පවසනවා.

කෙසේ නමුත් මෙවන් චෝදනා අපහාස හමුවේ කාණ්තා දේශපාල නියෝජනය උනන්දු කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරීතත්වයක්ද පැන නගින බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනවා. සමාජ මාධ්‍යට එක්කර තිබූ සම්පූර්ණ පැහැදිලිකිරීම පහතින්

  • පවුල් පරම්පරාවලින් පිට කාන්තාවන් දේශපාලනේට නැත්තේ ඇයි හුයි ගගා කෝටි ගණන් වියදම් කරකර වැඩමුළු පර්යේෂණ කරනවා නේද.
  • සරලයි. කෞෂල්‍යාගේ කේස් එක ස්ටඩි කරන්න.
  • මේවා දකින උන් එයිද දේශපාලනේට. එන එකා දෙන්නා හරි මෙහෙම දේවල්වලට මුහුණ දුන්නාම අවසානේ කාන්තාවෝ දේශපාලනේට නෙවෙයි ඡන්දපොළටවත් ගෙන්නා ගන්න වෙන්නෑ.
  • කෞෂල්‍යාව ඉලක්කගත වෙන්නේ යම් අධ්‍යාපනයක් එක්ක ආකර්ශනීය භාවිතාවක් එක්ක මේ මොහොතේ දේශපාලනය කිරීම නිසා.
  • මං සහතිකවම කියනවා… මේ සිද්ධියේදී කෞෂල්‍යා සම්පූර්ණයෙන්ම අහිංසකයි. අදාලම නැති රෙද්දක් මේ ඔළුවට කඩා වැටිලා තියෙන්නේ.
  • // ඔය විෂයගත සිදුවීම ගැන ඒ කියන්නේ කෞෂල්‍යා නොවන නමුත් මේක සම්බන්ධ x හා y සම්බන්ධ සිද්ධිය ගැන මගේ සත දෙක.
  • – වැඩිහිටි මිනිස්සු කන බොන ඇමිණෙන විදිහ ඒඒ මිනිස්සු විසින් තීරණය කර ගත යුතු දෙයක්. ඒක නීතිමය සීමාවේ සිදුවන තාක්කල් මට නම් අදාලම නෑ.//