මීට වසර විස්සකට පෙර දෙසැම්බර් 26 වන දින, සුමාත්‍රාහි බටහිර දෙසට වන්නට, මෙතෙක් වාර්තා වූ විශාලතම භූමිකම්පාවලින් එකක් ලෙස සටහන් වෙමින් මැග්නිටියුඩ් 9.1ක භූ කම්පනයක් හටගත්තේ ඉන්දුනීසියාවේ වෙරළ තීරය මෙන් ම ඉන්දියන් සාගරය වටා සිටින ප්‍රජාවන්ට හානි කළ දැවැන්ත සුනාමියක් ඇති කරමිනි.
ඉන්දියන් සාගර සුනාමිය සහ නත්තල් සුනාමිය ලෙසින් හැඳින්වෙන මෙම සුනාමිය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, විවිධ රටවලින් පැමිණි විදේශීය සංචාරකයන් 9,000ක් ඇතුළුව පුද්ගලයන් 230,000කට ආසන්න පිරිසක් මිය ගියහ. රටවල් 14කින් මරණ වාර්තා විය.
සුනාමි ඇගැයීම් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත පෙන්වා දෙන්නේ, අවම වශයෙන් පුද්ගලයන් 275,000ක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති බව ය.
මාරාන්තික රළ
මෙම මාරාන්තික සුනාමියේ එක් අනතුරු ඇඟවීමේ සලකුණක් වූයේ වෙරළ තීරයේ මීටර් සිය ගණනක් සහ මුහුදු පත්ල නිරාවරණය කරමින් වෙරළ දිගේ මුහුද ආපස්සට ගමන් කිරීම ය.
භූමිකම්පාව සිදු වී මිනිත්තු 30කටත් අඩු කාලයකදී, උතුරු සුමාත්‍රා සහ ඉන්දියාවේ නිකොබාර් දූපත්වල වෙරළ තීර වෙත දැවැන්ත සුනාමි උදම් රළ පහරවල් කඩා වැදීම ඇරඹිණි. පැය දෙකක් ඇතුළත එම රළ දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වෙත ළඟා වූ අතර ඊළඟ පැය හත ඇතුළත ඒවා ‘අප්‍රිකාවේ අඟ’ ප්‍රදේශයට ද කඩා වැදිණි.
මෙම ව්‍යසනයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න යැයි ගණන් බලා ඇත.
සුනාමි උදම් රළ යනු කුමක් ද?
සුනාමි යනු, ද්විත්ව මූලයකින් යුත් ජපන් වචනයකි, tsu යන්නෙහි අර්ථය වරාය සහ nami යන්නෙහි තේරුම රළ ය.
භූමිකම්පාවකින් ඇති වන ශක්තිය මුහුදු පත්ල සිරස් අතට මීටර් කිහිපයකින් විස්ථාපනය කර ජලය ඝන කිලෝමීටර සිය ගණනක් චලනය කරන විට සුනාමියක් නිර්මාණය වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සුනාමිය විස්තර කරන්නේ “බොහෝ විට ජල බිත්ති මෙන් දිස්වන සහ වෙරළ තීරයට කඩා වැදිය හැකි සහ පැය ගණනක් තුළ අනතුරුදායක විය හැකි රළ” ලෙස ය.
පළමු රැල්ල සෑම විට ම විශාලතම රැල්ල නොවිය හැක. 2004 ඉන්දියන් සාගර සුනාමියේදී විශාලතම රැල්ල දෙවැන්න වූ අතර 1964 ඇලස්කාවේ සුනාමියේදී විශාලතම රැල්ල සිව්වන රැල්ල විය.
භූමිකම්පා, නාය යාම් හෝ ගිනිකඳු පිපිරීම් මගින් සුනාමි ඇති විය හැක.
සුනාමි අනතුරු ඇඟවීම්
22,000කට අධික පිරිසක් මිය ගිය සන්රිකු සුනාමියෙන් පසුව, 1896 තරම් අතීතයේදී, භූ කම්පන ක්‍රියාකාරකම් සහ සුනාමි අතර සම්බන්ධයක් ඇති බව මුල් වරට ප්‍රකාශ කළේ, ජපන් ජාතිකයින් ය.
1923දී, අනෙක් රටකවල් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ හැකියාව ලබා ගැනීමටත් පෙර, භූ කම්පන විද්‍යාඥයෙකු සහ හවායි ගිනිකඳු නිරීක්ෂණාගාරයේ නිර්මාතෘ තෝමස් ජැගර්, නැගෙනහිර රුසියාවේ කම්චැට්කා භූමිකම්පාවෙන් පසු සුනාමියක් ඇතිවීමේ හැකියාව ගැන සඳහන් කළ පළමු විද්‍යාඥයා විය.
1941දී ලොව ප්‍රථම සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සංවිධානය ජපානයේ සෙන්ඩායිහි ආරම්භ කෙරිණි.
එක්සත් ජනපද රජයේ පළමු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය 1949දී හොනොලුලු භූ චුම්භක නිරීක්ෂණාගාරයේ ආරම්භ කරන ලදී. එය පසුව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටසක් බවට පත් විය.
නමුත් ඉන්දියන් සාගර කලාපයේ රටවලට 2004දී අනතුරු ඇඟවීමේ පද්ධතියක් හෝ අවදානමට ලක්විය හැකි වෙරළබඩ ජනතාව දැනුවත් කිරීමට සහ ඉවත් කිරීමට යාන්ත්‍රණයක් නොතිබිණි.
ජාතීන් 28ක සහභාගීත්වයෙන් 2005දී පිහිටුවන ලද ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක වූයේ 2011දී ය.
කලාපයේ බොහෝ රටවල් ද ඔවුන්ගේ ම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක කරයි.