මැකව් විශේෂ පරිපාලන කලාපය යනු චීනයේ මධ්‍යම රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක පාලන ප්රදේශයකි. එය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය අද(20) පැවැත්විණ. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. එම සංවත්සරය සැමරීමේ සම්මේලනයට සමගාමීව මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීම ද සිදු විය.
මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් සහයෝගය යටතේ විශේෂ ලක්ෂණ සහිතව‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.
වර්තමානයේ මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබේ. එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධනයේ ඓතිහාසික ප්රගමනයක් ද දැක ගත හැකියි. ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.
“එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් සහාය ඇතිව, මැකව් කලාපයට නිසැකවම නව දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.