තමන් විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සඳහන් කරයි.
නමුත් පසුගිය මහ මැතිවරණ කාලසීමාවේදී ප්රචාරක පත්‍රිකාවල තමන් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සඳහන් කර ඇත්තේ අදාළ ප්රචාරක පත්‍රිකා නිර්මාණය කරන පුද්ගලයන් විසින් බවද හෙතෙම කියා සිටී.
තමන් ඒවා දුටු මුල් අවස්ථාවේම එය නිවැරදි කරන ලෙසත් බෙදා නොහැරින ලෙසත් දැනුම් දුන්න බවත් පවසන ඔහු නමුත් මැතිවරණ කාලසීමාව තුළ මොනයම් හේතුවක් නිසා හෝ ඒවා බෙදා ඇති බවද කියා සිටී.
තමන් මේ සම්බන්ධයෙන් පෙරදීම දැනුවත් කළ බවත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තම සමාජ ජාලයේ සටහනක් තබා ඇති බවද කියා සිටී.