අශෝක රංවල කතානායක ධූරයෙන් ඉවත්වූ විදිය වැරදියි. විශ්ව විද්‍යාලයේ නම වත් දන්නෙ නෑ. – ආශු මාරසිංහ

0
අශෝක රංවල

අශෝක රංවල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ බව දැනුම් දෙමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ම විසින් ප්‍රකාශ කර නැත.

එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාල ආයතන වලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ද එම ලිය කියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.

මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

කෙසේ වෙතත් මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි.

අශෝක සපුමල් රංවල
පාර්ලිමේන්තු මන්ත්‍රී
13.12.2024

අශෝක රංවල

අශෝක රංවල ඉල්ලා අස්වුනු විදිහත් නීති විරෝධීයි – ආශු

තමන් අධ්‍යාපනය හැදෑරුවා යැයි කියන විශ්ව විද්‍යාලයේ නම වත් නිවැරදි ලෙස නොදන්නා කතානායකවරයා සත්‍යවශයෙන්ම එහි ඉගෙනුම ලැබුවෙක් දැයි දැඩි ප්‍රශ්ණකාරී තත්වයක් නිර්මාණය කර ඇති බව හිටපු ජනාධිපති උපදේඉශක ආශු මාරසිංහ මහතා සඳහන් කරනවා.

කතා නායකවරයා ඉල්ලා අස්වීමේඉ මාධ්‍ය නිවේදනය මාධ්‍යට නිකුත් කිරීමෙන් පසු මාඪ්Hය හමුවක් කැඳවූ ඒ මහතා අදාල ඉල්ලා අස්වීමද නීති විරෝදී බවක් පෙනී යන බවද අනාවරණය කලා

අදාල සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව පහලින්

ජපන් මහාචාර්‍යවරයෙක් අශෝක රන්වල මහතාගේ ආචාර්‍ය උපාධිය ගැන කතාකරයි

ජපානයේ මහාචාර්‍ය වරයෙක් ලෙස සේවය කර ඇති මහාචාර්‍ය ආශු මාරසිංහ මහතා සජීවීව අශෝක රන්වල මහතා අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලයේ දත්ත ලිපිගොනු අන්තර්ජාලය හරහා පරීක්ශා කර පෙන්වනු ලැබුවා.

අදාල මාධ්‍ය සාකච්චාව පහලින්