චීනයෙන් පාසැල් නිල ඇඳුම් රෙදි ලැබෙයි. අගමැති හරිනි පැයක් ප්‍රමාදයි. නිල ඇඳුම් රෙදි ප්‍රධානයට පැමිණි චීන තානාපති හැරී ගොස් නැවත එයි

0
අගමැති හරිනි

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි ඊයේ (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.

එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇත.

මෙම නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදුකරන ලද අතර 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීම සිදු කෙරුණි.

නැවතත් 2021 වර්ෂයේ සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි දේශීය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් නිපදවා මිලදී ගැනීම සිදුකර තිබුණි.

නමුත් Covid-19 වසංගත තත්ත්වය මත රට මුහුණ දුන් ආර්ථික තත්ත්වය හමුවේ මහජන චීන සමුහාණ්ඩුව විසින් 2023 වර්ෂය සඳහා නිල ඇදුම් අවශ්‍යතාවයෙන් 70% ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් හා ඉතිරි 30% ක ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත්තේය.

අගමැති හරිනි පැයක් ප්‍රමාදයි.

අගමැති හරිනි

කෙසේ වෙතත් අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය අදාල උත්සව අවස්ථාවට ප්‍රමාද වී පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.

උදෑසන 11.30 ට ආරම්භවීමට නියමිතව තිබූ මෙම ඌත්සව අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් පෙරවරු 11.30 ට අදාල ස්ථානයට පැමිණ තිබූ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය උත්සව භූමියට පැමිනෙන විට පස්වරු 12.30 පසුවී තිබුණි.

අග්‍රාමාත්‍යවරිය ප්‍රමාදවීම නිසා චීන තානාපතිවරයා උත්සව භූමියෙන් පිටත්ව ගිය අතර අගමැතිවරියගේ පැමිනීම තහවුරු වූ පසු නැවත උත්සවයට පැමිණ පාසැල නිල ඇඳුම් රෙදි නිල වශයෙන් බාරදීම සිදු කෙරුණා