ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාව විසුරුවා හැරේ

0
පාසල් සංවර්ධන නිලධාරී

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උද්ඝෝෂණය හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

පාසල්වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.