වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට නියෝග කරමින් කම්කරු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට විරෝධය පාමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය (28) දින හැටන් නගරයේ උද්ඝෝසණයක නියැලිණ.
දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයින් වන පා.ම පලනි දිගම්බරම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන්, පා.ම එම්.උදයකුමාර් සහ පා.ම එස්.වේළුකුමාර් යන මහතුන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණයට සහභාගි වු වතු කම්කරුවන් විශාල පිරිසක් කළු ඇදුමින් සැරසි සිටි අතර, එයට සමගාමිව හැටන් ඇතැම් වෙලදසැල් වල සහ ත්‍රිරෝද රථ වල කළුකොඩි ඔසවා මෙම උද්ඝෝෂණයට සහය දැක්විය.
උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන බවට පොරොන්දු වි රජය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබු බවත්, පසුව එම ගැසට් පත්‍රය අවලංගු කර වතු කම්කරුවන්ව මුලා කල බවයි.
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාවගේ බලය රජයට පෙන්වන බවත්, සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්විමෙන් පසු රටේ පවතින ජිවන වියදමට සරිලන සේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට පියවර ගන්නා බවයි.
තවද වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමට පියවර ගන්නා බවද පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා පැවසිය.
මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ අධිකරණයෙන් ලබාදෙන නියෝගයක් පිලි ගැනිම පුරවැසියන්ගේ යුතුකම බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට ලබාදුන් අතුරු තහනම් නියෝගය පිලි ගැනිමට රජය කටයුතු නොකිරිම තුලින් විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මතභේද ඇති වන බවත්, එවැනි තත්ත්වයක් තුල මේ රට යලිත් අරාජික තත්ත්වයකතට පත් වන බවයි.
පවත්නා තත්ත්වය මත යලිත් රටේ ජනතාව අරගලයක් කරා යන බවත්, එවිට රටේ පාලකයින් රටේ ජනතාව විසින්ම පලවා හැරිමට කටයුතු කරන බවයි.
හැටන් නගර මධ්‍යයෙන් උද්ඝෝෂණය ආරම්භ කර හැටන් නගරය දක්වා පාගමනින් පැමිණ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සමාජිකයන් විසින් රැස්විමක්ද පවත්වනු ලැබුහ.
මෙම උද්ඝෝෂණයට වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටි අතර, මෙම උද්ඝෝෂණයට කොළඹින් පොලිස් කැරලි මර්ධන ඒකකයේ ජල බවුසරයක් හැටන් පොලිස් ස්ථානය වෙත කැදවා තිබු අතර, උද්ඝෝෂණයට හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් විශාල පිරිසක් රාජකාරි සදහා කැදවා තිබුණි.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නගරයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති විය.