වර්ජනයන් මෙහෙයවන්නේ ජාතික ජන බලවේගය නොවේ – සුනිල් හඳුන්නෙත්ති

0
වර්ජනයන් මෙහෙයවන්නේ

මේ දිනවල රට පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනයන් මෙහෙයවන්නේ ජාතික ජන බලවේගය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මෙම වැඩ වර්ජන මෙහෙයුමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවටද ඔහු කියා සිටියි.

රුපියල් 25000ක වැටුප් වැඩිකරන බව අයවැයෙන් පැවසූයේ ජනාධිපතිවරයා බවත් එම 25000 එක කොටසකටදී තවත් කොටසකට නොදී සිටීම නිසා වර්ජනයක් ඇති ඇති වූ බවද ඔහු පැවසීය.

වෘත්තීය සමිති රජයේ සේවකයන් පාරට බහින සටන් පාඨය නිර්මාණය කර දුන්නේද ආණ්ඩුව බවද ඔහු පවසයි.

කරන්න බැරි දේවල් කියා අද වෘත්තිය සමති වලට දේශපාලන පක්ෂවලට චෝදනා කිරීමෙන් පලක් නැති බවද හෙතෙම ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පැවසුවේය.