වැසි සමයත් සමග මේ වනවිට ඩෙංගු ව්‍යප්තවීමේ බරපතළ අවදානමක් මතුවී තිබේ.
ජාතික ඩෙංගු මර්දනය ඒකකය ඊයේ (04) ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවයි.
ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ අරුණ ජයසේකර මහතා පැවුසවේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 7860 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
”මෙයින් මැයි මාසයේදී වාර්තා වෙලා තියනවා රෝගීන් 859ක්. 859 තුනෙන් එකක් වාර්තාවෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වෙනවා කියන්නේ අපිට ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා”
අධ්යක්ෂවරයා වැඩිදුරටත් ජනතාවට දැනුම් දී සිටින්නේ, ඩෙංගු සහ covid යන වෛරස් රෝග දෙකේ ම මූලික රෝග ලක්ෂණවල යම් සමානකම් ඇති බැවින් උණ , හිසරදය ,ඇඟපත වේදනාව,වැනි රෝග ලක්ෂණ තිබේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමු වන ලෙසයි.
”ඩෙංගු සහ covid දෙකම වෛරස් රෝග මේ දෙකේ මූලික රෝග ලක්ෂණවල යම් සමානකම් තියෙනවා. දෙකටම උණ හැදෙනවා. ඇඟපත වේදනාව හිසරදය මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපිට කියන්න බැහැ මේක ඩෙංගු ද කොවිඩ් ද එහෙමත් නැත්නම් වෙනත් වෛරස් රෝගයක් ද වෙනත් රෝගයක් ද කියලා.ඒ නිසා අපිට මේ අවස්ථාවේ උණ තියෙනවා තියෙනව නම් හිසරදය තියෙනවා නම් ඇඟපත වේදනාව එනවනම් මේවා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න”