කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ගැටලුව නිසා ඒකකය වසාදැමේ පන්ච පුද්ගල කමිටුවක් හරහා ගැටලුවේ අගමුල සොයයි

0

ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා විය.

විෂබීජ ආසාධනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කර තිබුණ ද එහි දී නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ඊට අදාළ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව අද දෙරණ කළ විමසීමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය යථා තත්ත්වයට පත් කරන තුරු ඊට යොමු කෙරෙන රෝගින් වෙනත් රෝහල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට පංච පුද්ගල විද්වත් කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇත.

ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එම නිවේදනය පහතින්,

කුරුණෑගල ශික්ෂණ රෝහලේ