මෝදර, මෝදරවීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි බවට සැක මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒකල, ඔතේ කැලේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී 14 දහවල් පොලීසිය විසින් මෝටර් රථය සොයාගෙන තිබුණා.
එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, එම මෝටර් රථයේ චැසි අංක එන්ජින් අංක මකා දමා තිබූ බවයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, එසේම ඔවුන් ව්‍යාජ අංක තහඩු සවිකර වෙඩිතැබීම සඳහා පැමිණ ඇති බවයි.
මෝදර, මෝදරවීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී සිදුකළ එම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම අවන්හලේ හිමිකරු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.