නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න ඇමති අනතුරු අඟවයි

0
නිසි සෞඛ්‍ය පිළිවෙත්

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා කීය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.