
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ට බරපතළ වැඩසහිත වසර 03ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබියදී එය භාර නොගෙන උසාවියට මෝසමක් මගින් ඉදිරිපත්වූ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා තම වරද පිලිගැනීමෙන් අනතුරුව උසාවිය විසින් මෙම තීන්දුව ලබාදී තිබුනා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ සමීපතම පුද්ගලයා ලෙසට සැලකෙන තුශාර සංජීව ට බරපතල වැඩ සහිතව ලැබුනු මෙම දඪුවම මාස හයක කාලයක් භුක්තිවිඳීමෙන් අනතුරුව ප්‍රජා අයිතියද යම් කාලයකට අහෝසි වීම සිදුවනවා.