ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ලෝක බැංකු ප්‍රධානී අජේ බන්ගා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට එක්වෙයි
තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වෙයි.
2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කරගැනීම සඳහා නව අදියරක් එහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී හෙට ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 SDG සමුළුව පැවැත්වෙයි.