මිරිහානේ මත් වෙන කෑම කඩේ

0

මිරිහාන ප්‍රදේශයේ ආපන ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය තැබෑරුමක් වැටලීමට පොලීසිය සමත්ව ඇත.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී තැබෑරුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වැටලීමේදී ඉහළ මිල ගණන්වල, විවිධ මත්පැන් බෝතල් 57 ක් බියර් ටින් 119 ක් මෙන්ම නීතිවිරෝධී මත්පැන් හා දුම්වැටි 620 ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ එහිදී සොයාගෙන ඇති මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවය.

මේ අතර නීතිවිරෝධී මත්පැන් කලවම් කර අලෙවි කරන ජාවාරමක් ද මෙම ස්ථානයේ සිදුව ඇති බවට එහි තිබූ මත්පැන් බෝතල්වලින් පැහැදිළි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.