සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දී තිබේ.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු විසින් විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියේය.
ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැයි මස 22 වනදා දක්වා අධිකරණය විවිසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නේය.