පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා

0
Muslim Women Dress - පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා

මුස්ලිම් කාන්තාවන් අඳින අබාය ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මකුළුව පදිංචි 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.

ඔහු අද උදෑසන දුම්රිය ස්ථානයට පැමිණ කොළඹට ප්‍රවේශ පත්‍රයක් මිලදි ගෙන ඇති අතර ඔහුගේ කටහඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂා කර ඇත.

එහිදි දුම්රිය ආරක්ෂක නිලධාරින් දැක ඇත්තේ මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසි සිටියත් ඔහු පිරිමියෙකු බවය.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරින් ඔහු පොලිසියට බාර දිමට කටයුතු කර ඇති අතර පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බවටත් ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලැබුන තොරතුරක් අනුව මෙසේ කාන්තා ඇඳුමකින් සැරසි පැමිණි බවය.

මෙම ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් අනාවරණයවි තිබේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති සි.අයි.කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන්වන එම්.ඩි.එස්.ටි.අබේරත්න,එස් .ජේ .අයි .කළංසුරිය ඩබ්ලිව්.එච්.ආරියරත්න යන මහත්වරුන් විසින් සැකකරු අල්ලා ගෙන පොලිසියට බාරදි ඇත.