ඩොලර් හිඟයක් ඇත් නම් වහාම තමන්ට කියන ලෙස කබ්රාල් දන්වයි

0
Governor of Central Bank Statement of Dollar Deficit - ඩොලර් හිඟයක් ඇත් නම් වහාම තමන්ට කියන ලෙස කබ්රාල් දන්වයි

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ කිසිඳු කන්ටේනරයක් හිර නො වෙන පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මහ බැංකු සමඟ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කර සිටියා.

වරාය තුළ කන්ටේනර් සිර වී ඇති බව තමා ඊයේ (25) පුවත් පත් තුළ පළ වී ඇති ආකාරය දුටු බවත් ඒ පිළිබඳ වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනගෙන් විමසා සිටි බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

ඩොලර් හිඟය හේතුවෙන් මෙසේ කන්ටේනර් වරායේ සිර වී ඇති නම්, ඒ බව වහා ම මහ බැංකුවට දැනුම් දෙන ලෙසට යි මහ බැංකු අධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට දන්වා තිබෙන්නේ.

කිසිවිටකත් එවැනි අර්බුධයක් ඇති නො වීමට, මහ බැංකුව වග බලා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.