ඇමරිකන් ඩොලර් බිලියන හයක් අවම වශයෙන් උපයා ගැනීම සඳහා රජය විසින් පෞද්ගලික අංශයට බදු දීම සඳහා ඉදිරිපත් කර ඇති ප්රමුඛ ඉඩම් කැබලි පනහක් මේ වන විටත් විකිණී අවසන් වී නැති වුවද වැලිකඩ හිර ගෙදර සහ එම සුවිශාල භූමිය බදු ගැනීම සඳහා කොරියන් ආයෝජකයකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා
ඉහත සඳහන් ඉඩම් බදු දෙනු ලබන්නේ අවුරුදු 33, අවුරුදු 50 සහ අවුරුදු 99 යන කාල සීමාවන් සඳහායි .
බදුදෙන සෑම ඉඩමකින්ම 51% ක කොටසක් රජයේ අයිතිය යටතේ පවතින අතර ඉතිරිය එම ඉඩම බදු ගන්නා පාර්ශ්වයට හිමිවනවා .
මෙම ඉඩම් සියල්ලම් බදු දීමේ කටයුතු භාරවී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට වන අතර වැලිකඩ හිරගෙදර බදු ගැනීම සඳහා යෝජනා පත්රයක් ඉදිරිපත් කර ඇති කොරියන් ආයෝජකයාගේ සැලසුම වන්නේ ඒ වෙනුවට හොරණ පිහිටි රජයේ ඉඩමක සකලාංග සම්පූර්ණ බන්ධනාගාර ගොඩනැගිලි සමූහයක් ඉදිකර දීමයි .
එහිදී බදුකරය වශයෙන් කොරියන් ආයෝජකයා ගෙවිය යුතු වටිනාකම වන්නේ හොරණ කරන ඉදිකිරීමයි . ඉන්පසු වැලිකඩ පිහිටි බන්ධනාගාර භූමියෙන් 51% ක් රජය යටතේද 49% ක් කොරියානු යෝජකයා යටතේද පවතින අතර ඉඩමේ සංවර්ධන කටයුතු කොරියන් ජාතිකයා විසින් කළ යුතු බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වන්නේ