සහල් සඳහා පාලන මිල ඉවත් කර මාසයක් ගතවීමටත් ප්‍රථම මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් පනහකින් ඉහළ දමා ඇත. ඊට සාපේක්ෂව නාඩු සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15කින් ඉහළ දමා තිබේ.
මේ අතරම එම වී මිලද රුපියල් 10 සිට 30 දක්වා මිලකින් ඉහළ දමා ඇත.
පසුගිය සැප්තැම්බර් 26 දින සහල් සඳහා පනවා තිබූ පාලන මිල වූ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 98ක්ද සම්බා රුපියල් 103ක්ද කීරිසම්බා රුපියල් 125ක මිලකට අලෙවි කිරීමට පනවා තිබූ නීතිය ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කෙරිණි. ඒ සමගම සැප්තැම්බර් 28 දින ප්‍රකට මෝල් හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මින් ඉදිරියට නාඩු සහල් තොග රුපියල් 110කටත්, සම්බා 130කටත් කීරි සම්බා 160කටත් අලෙවිකරන බවයි.
එහෙත් මාසයක් ගතවීමටත් ප්‍රථම මේ වන විට නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125කටත්, සම්බා රුපියල් 150කටත්, කීරි සම්බා රුපියල් 210කටත් තොග අලෙවි කරනු ලබයි.
කෙසේ වෙතත් මෙම සහල් සිල්ලරට අලෙවි කෙරෙන්නේ තවත් රුපියල් දහයක් පහළොවක් වැඩි මිලටය.
මෙසේ ප්‍රධාන මෝල් හිමියන් සහල් කරනු ලබන්නේ මීට කන්න දෙකකට පෙර මිලදී ගත් වී වන අතර එමගින් වැඩි සහල් ප්‍රතිශතයක් ලැබීම නිසාවෙනි. එහෙත් ඔවුන් වර්තමානයේ වෙළෙඳපොළේ වීවල මිල අනුව සහල් මිලද ගණනය කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.
(aruna.lk වෙබ් අඩවිය ඇසුරිනි)