කබ්රාල් මහ බැංකු අධිපතිකමට කැබිනට් බලතල ඉල්ලයි

0

මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම ධුරය සඳහා කැබිනට් බලතල හා සමාන බලතල බලාපොරොත්තුවෙන් සිටින බව අද පුවත්පත වාර්තා කරයි.

ඒ මහතා මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් හා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇතැයි සඳහන්ය.

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධුර චීනය සිංගප්පූරුව ඇතුළු රටවල ද ක්‍රියාත්මක ය.

ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගැනීමට බලයක් ඇති කැබිනට් බලතල සමාන මහ බැංකු අධිපති ධුරයක් පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වෙයි.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)