හුමාලය අල්ලනවා නම් පරිස්සමෙන්

0

කොවිඩ් වසංගතයත් සමග උණු වතුර නිසා ඇතිවන පිළිස්සුම්වල වැඩිවීමක් ඇති බව විශේෂඥ වෛද්‍ය සතිෂ් විජේමාන්න මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ, සතිෂ් විජේමාන්න මහතා,

කෝවිඩ් තත්ත්ව හමුවේ අපි දකිනවා ඉතාමත් සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා මේ විශේෂයෙන්ම උණු දියර ආශ්‍රයෙන් වන පිළිස්සුම්වලින්. වැඩි රෝගීන් පිරිසකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා. මේ කෝවිඩ් හමුවේ අපි දකිනවා මෙය ප්‍රතිකාරයක් හැටියටත් කොවිඩ් එකෙන් වැළකී ඉන්න කියලා මේ හුමාලය අල්ලනවා. ඉතින් මං කියන්නේ ඉදිරියට තමන් හුමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් සෙම්ප්‍රතික්ෂාවකට ඒක බොහොම කල්පනාකාරිව කරන්න ඕනේ.