මව සමඟ දර කැඩීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්

0
Missing Girl in Nuwara Eliya - මව සමඟ දර කැඩීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්

මව සමග දර කැඩීමට රක්ෂිතයකට ගොස් සිටි 25 හැවිරිදි තරුණියක් අතුරුදන් වී ඇති බව නුවරඑළිය පොලීසිය පැවසීය.

ඇය සොයා යුද හමුදාව සහ පොලීසිය එක්වී රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩීමට ගිය අවුරුදු 25ක තරුණියක් එසේ අතුරුදන් වී තිබේ.

ඊයේ උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය සමග තමා ඇතුළු වු බවත් රක්ෂිතයේ ඉහළ කඳු මුදුණ ට දියණිය තනියෙන් ගිය බවත් ඇය නැවත පහළට නොපැමිණි බවත් අතුරුදන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කීවාය.

පස්වරු 2 පමණ වන තෙක් දියණිය නොපැමිණි බැවින් තමන් ඒ පිළිබඳ ව අසල්වාසින්ට දැනුම්දිමෙන් පසු ඊයේ සවස සිට අතුරුදන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව මව පැවසුවාය.