රාගම රෝහලේ කොවිඩ් මළසිරුරු දෙකක් මාරුවෙයි

0
Covid Death Bodies in Ragama Hospital - රාගම රෝහලේ කොවිඩ් මළසිරුරු දෙකක් මාරුවෙයි

කොවිඩ් ආසාදිතව මියගිය කාන්තවකගේ මෘතදේහයක් රාගම ශික්ෂණ රෝහලේදි මාරු වී තිබේ.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක පසුගිය දිනක 75 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, ඇගේ මෘතදේහය රාගම ශික්ෂණ රෝහලට රැගෙනවිත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බවට හදුනාගෙන තිබේ.

අනතුරුව මියගිය තැනැත්තියගේ ඥාතීන් දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීම සදහා ජා-ඇල කපුවත්ත පොදු සුසාන භූමියට ගිය අවස්ථාවේදී රාගම රෝහලෙන් ඔවුන්ට දුරකථන ඇමතුමක් ලැබී ඇත.

රෝහලෙන් දැනුම් දී ඇත්තේ ඥාතීන් විසින් රැගෙන ආ මළසිරුර මාරු වී ඇති බවටයි.

මේ හේතුවෙන් දේහය නැවත රෝහල වෙත රැගෙන එන ලෙසට ඔවුන්ට දැනුම් දී ඇත.

මියගිය කාන්තාවගේ ඥාති දියණියක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

අපි මිනිය අරගෙන ආවට පස්සේ අපිට රෝහලෙන් කෝල් එකක් ආවා අපිට මිනිය මාරු වෙලා කියලා.
මිනිය නැවත ගේන්න කියපු නිසා අපි ගෙනිච්චා.
ඒක අපේ මිනිය ගෙනිච්චා කියපු අයගේ වැරැද්දක්.
මොකද හර්ස් එකේ නම්මරයට තමා අපි මිනිය ගෙනවා කියලා කියන්නේ.
එයාලගේ තමයි සම්පූර්ණ වැරැද්ද. ඒ මිනිය අයිති අයගේ.
පොලීසියේවත්, රෝහලේවත් කිසිම වැරැද්දක් නැහැ.

මෙම සිදුවීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ දේහය නැවත ජා-ඇල සුසාන භූමියට රැගෙන විත් ආදාහනය කිරීමට ඥාතීන්ට සිදුවිය.