මිනෝද් සහ දසුන්ගේ සුපිරි පිතිහරඹ මැද විස්සයි විස්ස ලීග් ශූරතාව ග්‍රේස් කණ්ඩායම ජයගත් අයුරු

0
ආරාධිතයන්ගේ විස්සයි විස්ස ලීග් තරගාවලියේ ශූරතාවය ලබා ගැනීමට දසුන් ශානක මෙහෙයවූ ග්‍රේස් කණ්ඩායම සමත් වුණා. ඒ, දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ් කණ්ඩායම ලකණු 43කින් පරාජය කරමිනුයි.

පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 201ක් රැස් කළ අතර මිනෝද් භානුක පන්දු 51කදී ලකුණු 74ක් ද දසුන් ශානක පන්දු 17ක දී නොදැවී ලකුණු 48ක් ද එහිදී රැස් කළා.ඊට පිළිතුරු ලෙසින් රෙඩ් කණ්ඩායමට සියලන් දැවී ලබා ගත්තේ ලකුණු 159ක් පමණයි.

ග්‍රේස් පිල (මිනෝද් භානුක 74, නුවනිඳු ප්‍රනාන්දු 47, දසුන් ශානක නොදැවී 48, අකිල ධනංජය 24/2)

රෙඩ්ස් පිල (ඕෂධ ප්‍රනාන්දු 46, අසේල ගුණරත්න 22, අකිල ධනංජය නොදැවී 25, නුවන් ප්‍රදීප් 17/2, පුලින තරංග 27/2, මතීෂ පතිරණ 28/2)