කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු පෝෂ්‍යදායි ආහාර

0
Dr. ranil Jayawardena Advice - කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු පෝෂ්‍යදායි ආහාර

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වැඩි වශයෙන් පලා වර්ග සහ පළතුරු වර්ග ආහාරයට එක්කර ගත යුතු බවයි.

මෙම වෛරසයට විශේෂ ඖෂධ වර්ගයක් නොමැති බවත්, මහජනතාවට ඇති එකම විසදුම තම තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පවතින තත්ත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට පවා බලපෑම් එල්ල කරන අතර, නොවරදවා උදෑසන, දහවල් සහ රාත්‍රී ආහාර ගැනීම ඉතා වැදගත් බව ඔහු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා,

අපේ ආහාර වේලට ප්‍රධානවම තියෙන්න අවශ්‍යයි පිෂ්ඨය සහිත ආහාර. විටමින් C ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. ඒවා ලැබෙන්නේ එළවළු පළතුරුවලින්. දවස පුරා එළවළු වර්ග 3ක්වත් ගත්ත ද කියලා බලන්න. ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. බිස්කට්, කේක් නැත්නම් පැණිරස කෑමවර්ග..මේවාවල පෝෂ්‍ය සංඝටක ගත්තොත් ගොඩාක් නරකයි. පළතුරු, කිරි, ඇට වර්ග අතරමැද ගන්න පුළුවන්.