අදත් කොරෝනා ආසාදිතයන් 2900 ඉක්මවයි

0
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 912 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 339,074 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,904 ක්.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 29,563 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,755 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Today Recoveries

මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 298,273 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.