
මෙරට තුළ මේ වන විට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධ අද (06) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් මෙන්ම කොවිඩ් මරණ ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
එම සියලුම කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් අද දිනයේ තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබේ.
දිවයිනේ රෝහල් රැසක ධාරිතාවය ඉහළ යාමත් සමග යළි රට අගුළු දැමීමකට හෝ දැඩි සංචරණ සීමා පැනවීමක් සිදුකළ යුතු බවට වෛද්‍ය සංගම් කිහිපයක් විසින් රජය දැනුවත් කර ඇත.