තවත් කොවිඩ් මරණ 63ක්.. සමස්ත මරණ 4258 දක්වා ඉහළට…

1
Covid Deaths Yesterday - තවත් කොවිඩ් මරණ 63ක්.. සමස්ත මරණ 4258 දක්වා ඉහළට...
මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4258ක් ලෙසටයි.

පිරිමි පුද්ගලයන් 35ක් සහ කාන්තාවන් 28ක් මෙම මියගිය පිරිස අතර වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් 6ක්, අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 30ක් සහ කාන්තාවන් 21ක් මියගිය පිරිසට අයත්.