නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 426ක් අත්අඩංගුවට

0
ග්‍රාම නිලධාරී වසම් 16ක්

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (08) දිනයේ සිදුකළ වැටලීමක දී එම පිරිස අත්අඩංගුවට ගත් බවය.

මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 6,965ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විටත් එම පිරිසෙන් පුද්ගලයින් 6,000කට අදාළ අධිකරණවල නඩු පවරා ඇති අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමක දී ජංගම වෙළෙඳුන් 657දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇත.

ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 114 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ දී ඉන් දෙදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.