ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් තවත් ප්‍රදේශ 14කින් වාර්තා වෙයි.. සමස්ත ගණන ආසාදිතයින් ගණන 61ක්…

0

වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් මේ වන විට 61ක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

මෙරට ව්‍යාප්ත කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනු ලබන nextstrain.org වෙබ් අඩවියට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන,අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මිගමුව ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර – බේරුවල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, දඹුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඉකුත් සතියේදී ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇත.

” දැනට වාර්තා වෙලා තියෙන ඩෙල්ටා ආසාදිතයින් ගණන 68ක් වුනාට මීට‍ වඩා ආසාදිතයින් ඉන්න හැකියාව තියෙනවා. දැනට සිදුකරපු පරීක්ෂණ වලින් තමයි මේ පිරිස හම්බ වෙලා තියෙන්නේ. තත්ත්වය මිට වඩා වෙනස්. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. වෛරසයට නිරාවරණය නොවී ඉන්න.” යැයි මෙරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සේවා සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.