අද කොවිඩ් ආසාදිතයින් 1,700 ඉක්මවයි

0
අද (21) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,714ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 291,291ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,044ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 264,802ක් විය.

Today Recoveries

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.