අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

0
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කෙරිණි.

ඒ අනුව 174 බස් මාර්ගයේ බොරැල්ල දෙසට රථවාහන ධාවනය වුවද පන්නිපිටිය දෙසට මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව ජාතික එකමුතුව විසිනි.