තවත් කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි

1
Covid Deaths Today - තවත් කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 15 තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3702ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 23ක් සහ කාන්තාවන් 18ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 9ක් සහ කාන්තාවන් 3දෙනෙකු මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 14ක් සහ කාන්තාවන් 18ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.