පළාත් අතර සංචරණ සීමා ඉවත් කරන දිනය

0
Travel Restrictions - පළාත් අතර සංචරණ සීමා ඉවත් කරන දිනය

ඉදිරි සති දෙකේදී රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව පළාත් සංචරණ සීමා වෙනස් කරනවා ද? නැද්ද? යන්න පිළිබඳව තීරණය කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

ඉදිරි සති දෙකේදී රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව අපි තීරණය කරනවා පළාත් සංචරණ සීමා වෙනස් කරනවාද? නැද්ද යන්න. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ රෝගීන් වාර්තා වීම අනුව අපි ලිහිල් කරපු සීමාවන් නැවත පනවනවාද නැද්ද යන්න පිළිබඳව අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. අපි මේ ලබා දුන් සහනය ඉතාමත් වගකීමෙන් භුක්ති විදින ලෙස මම සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් තැන් කිහිපයකින් සොයාගන තියෙනවා රෝගීන් එවන් වාතාවරණයක තමයි අපි මේ ලිහිල් කිරීම් සහනය ඔබ සියලු දෙනාට ලබා දුන්නේ. ඒ නිසා ඒක වගකීමෙන් සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරමින් භුක්ති විදින ලෙස මම ඉල්ලා සිටිනවා.

? එන්නත්කරණ කටයුතු සිදු වන්නේ කෙසේ ද ?
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

අපි එන්නත්කරණයත් දිගටම කරගන යනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ එන්නත්කරණය සෑහෙන දුරකට අපි කරලා තියෙනවා. ෆයිසර් එන්නත අපි මන්නාරම හා ඒ අවට මුහුදු යන ප්‍රජාවට දෙන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් ඔවුන් මුහුදේදී ඉන්දියානු ධීවරයින් සමග සම්බන්ධතා පැවැත්විය කැහි බැවින් ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට එන්න හැකියාවක් තියන නිසා එම ප්‍රජාවට දෙන්න අපි තීරණය කළා.