තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 38ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,351ක් දක්වා ඉහළගොස් ඇත.
මිය ගිය අතරට වයස අවුරුදු 30 ට අඩු පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් ද ඇතුළත්ය.
ඊට අමතර වයස අවුරුදු 60 හෝ ඊට වඩා වැඩි ඊයේ දිනට අදාළ පුද්ගල මරණ 29ක් අද දිනයේ තහවුරු කර ඇත.
මේ අතර කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1472 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 238,131 ක්.