කොවිඩ් නිසා තැපැල් කාර්යාල 33ක් වසා දමයි

0

කොවිඩ් ආසාදිත තැපැල් සේවකයන් 50කට ආසන්න පිරිසක් හඳුනා ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් පානදුර, කෙසෙල්වත්ත, ත්‍රිකුණාමලය, කොම්පඤ්ඤවීදිය, හෝමාගම ඇතුළු ප්‍රධාන තැපැල් කාර්යාල 05ක් හා උප තැපැල් කාර්යාල 28ක් ඇතුළු තැපැල් කාර්යාල 33ක් වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර තැපැල් කාර්යාල නිලධාරීන් හා තැපැල් බෙදාහැරීමේ සේවකයන්ද සිටින බව තැපැල්පති දෙපාර්තමේන්තුව පවසනවා.