
පෙරේදා (16) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 51ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළේය.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2425ක් ලෙසටයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 31ක් සහ කාන්තාවන් 20 දෙනෙකු වනවා.
ඒ අතර අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු වන බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 31 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 2372ක් හදුනා ගත්තේය.
